Saturday, September 8, 2012

OCJP exam questions 08-09-12

මම මේ blog එක ගැන share කරපු හැමතැනම වගේම facebook fan page එකෙත් කියල තිබුණ මේ blog එකෙන් OCJP කරන්න ඉන්න අයට ප්‍රශ්න එහෙම දෙනව කියල. ඉතිං ඒ පොරොන්දුවත් ඉටු කරන්න එපැයි නේද? ඔන්න මම ඒ පොරොන්දුව ඉටු කරන්නයි යන්නෙ. මේ ලිපිය ඉතිං වැදගත් වෙන්නෙ දැනට java ඉගෙනගෙන exam එකට සූදානම් වෙන අයට තමයි. මේ ගැන මම ලියන මුල්ම ලිපිය නිසා exam එක ගැනත් පොඩ්ඩක් කතා කරලම පටන්ගමු.




OCJP කියන්නෙ java programming ඉගෙනගන්න සහ java වැඩිදුර හදාරන්න කැමති අය අනිවාර්යයෙන්ම පෙනී සිටිය යුතු විභාගයක්. මේ විභාගය සමත් වෙන්නෙ නැතුව ඉස්සරහට තියෙන විභාග වලට පෙනී ඉන්න බෑ. OCJP exam එක තමයි අපේ මූලික java දැනුම පරීක්ෂා කරන විභාගය. ඉස්සර SCJP කියල හඳුන්වපු විභාගයම තමයි දැන් OCJP කියල තියෙන්නෙ.



මේ විභාගය පැවැත්වෙන්නෙ online ක්‍රමයට. බහුවරණ ප්‍රශ්න 60 ක් දෙනව පැය 2 1/2 කදි කරන්න. විභාගය එච්චර අමාරු නෑ. ඒත් ඉතිං java language එක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනෙ මේක කරන්න. මේ විභාගය පහසුවෙන් සමත් වෙන්න උදව් වෙන ප්‍රශ්න සෙට් එකක් තමයි මම දෙන්න යන්නෙ. නිකන්ම ප්‍රශ්න ටික විතරක් නෙමෙයි දෙන්නෙ. පොඩි software කෑල්ලක් එක්ක ඔයාලට ගෙදර ඉඳන්ම online විභාගය කරනව වගේ වටපිටාවක් සහිතවම තමා ප්‍රශ්න ටික දෙන්නෙ. ඒ විදිහටම නැති වුණත් මීට පෙර online විභාගයකට පෙනී ඉඳල නැති කෙනෙක්ට මේ ටික කරොත් exam එකට ගිහිල්ල අපහසුතාවයකට පත් වෙන්න දෙයක් නෑ.

එහෙනම් අපි software එක මුලින්ම download කරගෙන ඉමු.


DOWNLOAD
 
දැන් ඉතිං මේක install කරගෙන ඉන්න එපැයි. මේක බොහොම පහසුවෙන් ඔබේ පරිගණකයට install කරගන්න පුළුවන්. මුලින්ම download කරගත්ත file එක extract කරගෙන ඉන්න. මේක install කරද්දි ලැබෙන Select components කියන පියවරේදි Visual CertExam Designer කියන එක ඉස්සරහ තියෙන tick එක අයින් කරන්න. අපැහැදිලි කෙනෙක් පහත රූපය බලන්නකො.

මේ රූපයේ Samples කියන තැන මම නම් tick එක දාල තියෙනව. එකත් අයින් කරාට කමක් නෑ. එකත් අපිට වැදගත් දෙයක් නෙමෙයි. ඊට පස්සෙ Next click කරල ඉදිරියට යන්නකො. මේක install කරල ඉවර වුණාට පස්සෙ මෙන්න මෙහෙම window එකක් එයි.


ඔයාලගේ එකේ මම ඔය රවුම් කරල තියෙන තැන tick එක දාල ඇති. ඒ tick එක අයින් කරල finish කරන්න. අපි ඉතිං සල්ලි දීල software ගන්න පුළුවන් අය නෙමෙයි නෙ. එකයි එහෙම කිව්වෙ. ඊටපස්සෙ ඔයා extract කරපු folder එකට යන්න. එතන තියෙනව Visual_CertExam_Suite_1.9.987_FIX කියල file එකක්. පහත රූපය බලන්නකො අපැහැදිලිනම්..

ඔන්න ඕක double click කරල එන message එක ok කරන්න.

දැන් අපි software එක සාර්ථකව install කරගෙන ඉවරයි. දැන් අපි ප්‍රශ්න ටික download කරගමු. ඔය පහල තියෙන්නෙ button එක.


DOWNLOAD
 
 එකත් හරිනෙ. අපි දැන් බලමු කොහොමද මේ software එකෙන් වැඩ ගන්නෙ කියල. මුලින්ම Visual CertExam Manager කියන අපේ software එක open කරගන්නකො. ඊටපස්සෙ පහත රූපයේ විදිහට Add... කියන එක click කරල ඔයා download කරගත්ත ප්‍රශ්න තියෙන file එක තෝරගන්න.


ඊළඟට Start... කියන එක click කරන්න. එතකොට මෙහෙම window එකක් ලැබෙයි.


මේකෙ උඩින්ම ඔයාගෙ නම දාල පටන් ගන්න පුළුවන්. මේ ප්‍රශ්න සෙට් එකේ ප්‍රශ්න 239 ක් තියෙනව.දල වශයෙන් ප්‍රශ්න 30 ක් විතර එකකට වැටෙන විදිහට exam කිහිපයක් විදිහට තමා ප්‍රශ්න ටික තියෙන්නෙ. Take selected exam කියල තියෙන තැන drop down list එකෙන් අවශ්‍ය exam එක තෝරගන්න පුළුවන්. මේ ප්‍රශ්න section වලට වෙන් කරල නැති නිසා Take questions from selected sections only කියන එකෙන් වැඩක් නෑ. ඊට යටින් තියෙන Take _____ questions from entire exam file කියන එක select කරල ඔයාට අවශ්‍ය ප්‍රශ්න ගාන දුන්න නම් මුළු ප්‍රශ්න සෙට් එකෙන්ම අහඹු ලෙස ඔයා ඉල්ලපු ප්‍රශ්න ගාන ලැබෙනව. ඊළඟට තියෙනව timer එක. මම කලින් කිව්වනෙ OCJP exam එකට පැය 2 1/2 කදි කරන්න ප්‍රශ්න 60 ක් ලැබෙනව කියල. මේකෙ එක exam එකක ප්‍රශ්න 30 විතර තියෙන නිසා මම time එක විනාඩි 75 කට හැදුව. ඔයාට අවශ්‍ය විදිහට time එක හදාගන්න පුළුවන්.

එහෙනම් වැඩේ කරලම බලන්නකෝ. කරල ගැටළු එහෙම තියෙනවනම් comment එකක් දාන්නකො. තව පොඩි දෙයක් කියන්න ඕනෙ. මේ ප්‍රශ්න හැදුවෙ මම නම් නෙමෙයි. මම කරන්නෙ අලුත්ම ප්‍රශ්න සෙට් එක හොයල ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් විදිහට දාන එකයි. ඒ නිසා ප්‍රශ්න හැදීමේ ගෞරවය මට අයිති නෑ. ඒ  වුණත් ප්‍රශ්නයක් පිලිබඳ ගැටළුවක් තියෙනවනම් ඒකත් ප්‍රශ්නෙත් එක්කම comment එකක් විදිහටම දාන්න.  මේ ප්‍රශ්න සමහර වෙලාවට update වෙනව. මම පුළුවන් තරම් උත්සාහ කරනව අලුත්ම update එක මේ බ්ලොග් එකේ post කරන්න. updates ඉක්මනට ලබාගන්න නම් අපේ බ්ලොග් එක follow කරල අපි සමග රැදී ඉන්න. ඔන්න එහෙනම් ප්‍රශ්න ටික කරලම බලන්නකෝ. මේ ප්‍රශ්න ටික කරල ගියොත් ඉතිං exam එක ගොඩම තමා....

22 comments:

  1. patta machan.. great work :D

    ReplyDelete
  2. එල එල මචං තැන්ක්ස්.......

    ReplyDelete
  3. thanks ayye. me post eka mata godak prayojanawath una. elakiri.

    ReplyDelete
  4. bro oyata puluwanda wed development gana kiyala denna

    ReplyDelete
  5. macho oyage oya danuma labana athme double trible wenawa me karana piñata thanks a lot !!!!!! you are my god !!!

    ReplyDelete
  6. godaaaaak hoda vadak. really useful. keep it up bro. best of luck with all things in ur life.

    ReplyDelete
  7. Thanz mcn. Digatama Blog eka update karanna mcn. Math java iganaganna gaman java istitute eke. oyage blog eke post walin mn godak dewal iganagaththa.

    ReplyDelete
  8. OCJP exam walata yanne kohomada? Institute ekakata join wenna onida?

    ReplyDelete
  9. Thanks a lot hope to follow this ....:)

    ReplyDelete