කොහොමද යාලුවනේ... මේ සතියෙ එක දිගට වැඩ ගොඩක් වැටුණ නිසා බ්ලොග් එක ලියන්න ටිකක් පරක්කු වුණා. ඒ නිසා අපි ඉක්මනටම පාඩමට බහිමු.අද කතා කරන්නෙ Flow control statements ගැන. අපි දැනට ඉගෙනගෙන තියෙන දේවල් අනුව අපි program එකක් ලියල run කරාම, main method එකේ පලවෙනි statement එකෙන් පටන් අරගෙන එකින් එක පිළිවෙලට execute වීගෙන යනව. අපි දැනට කරපු program වලට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙනව මේ එකදිගට execute වීගෙන යන ක්‍රමය වෙනස් කරගන්න. අපිට program එකක් ලියද්දි අවශ්‍ය වෙන්න පුළුවන් යම්කිසි ප්රකාශනයක ප්‍රතිඵලය අනුව දෙයක් සිදුවෙන්න, එහෙම නැත්තම් යම් කිසි ක්‍රියාවක් කිහිප වාරයක් සිදු කරගන්න. මෙන්න මේ වගේ දේවල් කරගන්න අපිට flow control statements යොදාගන්න පුළුවන්. අපි බලමු java වල තියෙන flow control statements මොනවද කියල. Java වල තියෙන මේ flow control statements කෙරෙන ක්‍රියාව අනුව selection statements (decision making statements), looping statements හා branching statements විදිහට වර්ග කරන්න පුළුවන්. අපි අද කතා කරන්න යන්නෙ selection statements ගැන.
Saturday, September 22, 2012
Monday, September 17, 2012
Operators in Java (part II)
කොහොමද යාලුවනේ? අද පාඩම පටන් ගන්න ඉස්සෙල්ල දෙයක් තියෙනව කියන්න. ඔන්න ඔයාලට මේ බ්ලොග් එකේ පලවන ලිපි ගැන ලේසියෙන්ම දැනගන්න අලුත් facebook group එකක් හදල තියෙනව. මේ group එකේ ලිපි docs ආකාරයෙන් ලිපියෙ පොඩි කොටසක් එක්ක ලිපිය සඳහා ලින්කුවක් සමග අපි පල කරනව. එතකොට ඕනෑම කෙනෙක්, group එකට පසුව එකතු වෙන කෙනෙක්ට වුනත් ඉතා පහසුවෙන් මුල සිට පල වූ ලිපි සොයාගන්න පුළුවන්. Group එකේ සම්පුර්ණ ලිපි පල කරන්න විදිහක් නෑ මොකද නැවත පින්තූර, code එහෙම upload කරල ලිපිය පිළිවෙලකට හදන්න සෑහෙන වෙලාවක් ගතවෙන නිසා. නමුත් ලිපියට ලින්කුවක් තියෙන නිසා ලේසියෙන්ම ඔයාලට බ්ලොග් එකට ඇවිල්ල අවශ්‍ය ලිපිය කියවන්න පුළුවන්. ඉතිං මේ group එකට ඔයාලත් join වෙලා ඔයාලගේ යාළුවන්වත් පුළුවන් තරම් එකතු කරන්න. මොකද නොමිලේම java පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් හොඳ අවස්තාවක් මේක. ඔය පහල තියෙන button එකෙන් ඔයාලට group එකට ගිහිල්ල join වෙන්න පුළුවන්.
JOIN WITH US
හරි අපි එහෙනම් පාඩම පටන් ගමු......
මතක ඇතිනෙ අපි කලින් ලිපියෙන් java වල තියෙන operators ගැන කතා කළා. ඒ ලිපියෙ අපි simple assignment operator, string concatenation operator, arithmetic operators හා equality and relational operators ගැන කතා කළා. අද ලිපියෙන් අපි කතාකරන්න යන්නෙ ඉතුරු operators ටික ගැන. මේ ලිපිය කලින් ලිපිය සමග සම්බන්ධ නිසා කාට හරි කලින් ලිපිය මගහැරුනනම් මෙතනින් ගිහිල්ල ඒ ලිපිය කියවන්න. අපි අද මුලින්ම කතාකරන්න යන්නෙ conditional operators ගැන.

Sunday, September 16, 2012
Operators in Java (part I)
කොහොමද ඉතිං යාලුවනේ? අපි අද ගොඩක් වැදගත් පාඩමක් තමයි කතාකරන්න යන්නෙ. ඒ ගැන මම කලින් ලිපියෙනුත් ඉඟියක් දුන්නනෙ. ඉතිං අපි අද java වලින් program කරද්දි අපිට භාවිතා කරන්න වෙන operators ගැන තමයි කතා කරන්න යන්නෙ. ඇයි මේ පාඩම වැදගත් කියල මම කියන්නෙ? ඇයි අපි program එකක් ලියන්නෙ? අපි program එකක් ලියන්නෙ යම් දත්ත ප්‍රමාණයක් සකස් කරල අපිට අවශ්‍ය තොරතුරු ලබාගන්න. ඔයාලට මතක ඇති අපි කරා වෘත්තයක අරය දීල පරිධිය සහ වර්ගඵලය පිළිතුර ලෙස දෙන program එකක්. අපි අරය දත්තයක් විදිහට දුන්නම ඒකට යම්කිසි වෙනසක් කරල තමයි අපි අවශ්‍ය පිළිතුර ලබාගත්තෙ. අන්න ඒ විදිහට දත්තය අපිට අවශ්‍ය විදිහට සකස් කරගන්න පාවිච්චි කරන දේවල් තමයි අපි operators කියල කියන්නෙ. ඉතිං මේකෙ වැදගත්කම දැනටමත් තේරෙනව ඇති. Operators වලින් තමයි අපි program එකෙන් බලාපොරොත්තු වෙන දේ අපිට කරල දෙන්නෙ. ඒ නිසා operators නැතුව program එකක් ලියන්න බෑ. අන්න ඒකයි මම කිව්වෙ මේ පාඩම වැදගත් කියල. අනිත් එක තමයි මේක java වලට විතරක් තියෙන දෙයක් නෙමෙයි. ගොඩක් languages වල මේ operators වල ක්‍රියාකාරිත්වය සිදුවෙන්නෙ එකම විදිහට. ඒ නිසා වෙනත් languages ඉගෙනගන්න අයටත් මේ පාඩමෙන් දෙයක් ගන්න පුළුවන්. හැඳින්වීම දිග වැඩිද මන්ද.... පාඩම ටිකක් වැදගත් නිසා ටිකක් විස්තර කළා.
එහෙනම් අපි පාඩම පටන් ගමු..........
එහෙනම් අපි පාඩම පටන් ගමු..........
Friday, September 14, 2012
Literals in Java and Data Type Casting
අපි අද අලුත් පාඩමක් ගැන කතා කරන්න යන්නෙ. නමුත් මේක මම variables ගැන ලියපු පාඩමට සම්බන්ධයි. ඒ ලිපිය කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් ඒක කියවන්න.
හරි මොකක් ගැනද අපි දැන් කතා කරන්න යන්නෙ. අපි කතා කරන්න යන්නෙ literals ගැන. මොනවද literals කියන්නෙ? Literal එකක් කියන්නෙ මොකක් හරි අගයක් (value එකක්). Literal එකක් කුමක් හෝ සංඛ්‍යාවක්, අකුරක්, වචනයක් හෝ වෙනත් තොරතුරක් විය හැකියි. සරලවම කිව්වොත් අපි variables වලට දෙන අගයන් තියෙන්නෙ, ඒව තමයි literals කියන්නෙ. දැන් ඔයාල බලයි ඕකෙ මොනවද ඉගෙනගන්න තියෙන්නෙ කියල. ඉතිරි ටිකත් කියවලම බලන්නකෝ මොනවද තියෙන්නෙ කියල.
අපි මුලින්ම බලමු තියෙන literals වර්ග මොනවද කියල.

- Boolean literals
- Numeric literals
- Character literals
- Integer literals
- Floating point literals
- String literals
- null
Tuesday, September 11, 2012
Variables හා Data Types ගැන ඉගෙනගමු.
කොහොමද යාලුවනේ....මේ දවස් වල ටිකක් කාර්ය බහුලයි. ඒ වුණත් පුළුවන් වෙලාවට ඉක්මනින්ම මේ බ්ලොග් එක අපි update කරනව. ඒ නිසා දිගටම මේ සමග රැදී සිටින්න. ඔයාලගෙ යාලුවන්ටත් මේ ගැන දැනුම දෙන්න.
අද අපි අළුත් පාඩමක් පටන්ගන්නවා කියල මම කලින් ලිපියෙන් කිව්වනෙ. ඒ කිව්ව වගේම අද අපි java වල variables භාවිතයෙන් programming කරන හැටියි data types ගැනයි ඉගෙනගන්න යන්නෙ. අපි එහෙනම් පටන් ගමු.
මුලින්ම මොකක්ද මේ variable එකක් කියන්නෙ කියල බලමු. Variable එකක් කියන්නෙ විචල්‍යයක්.විචල්‍යය කියන එක දන්නවනෙ, අපි සාමාන්‍යයෙන් ගානක් හදද්දි x, y කියල දාගෙන හදන්නෙ.අන්තිමට x, y වල විවිධ අගයන් වලට අපිට ඕනෙ පිළිතුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි variables ක්‍රියාකරන්නෙ. අපි program එකක් ලියන්නෙ මොකක් හරි වැඩක් කරගන්නනෙ. එතකොට අපිට ඕනවෙනව program එකට අපිට අවශ්‍ය data input කරල අපිට අවශ්‍ය output එක ගන්න. ඔන්න ඔය අපි input කරන data තියාගන්න (store) තමයි අපිට variable ඕන වෙන්නෙ.

Sunday, September 9, 2012
IDE එකක් මගින් programming කරමු....
Saturday, September 8, 2012
OCJP exam questions 08-09-12
මම මේ blog එක ගැන share කරපු හැමතැනම වගේම facebook fan page එකෙත් කියල තිබුණ මේ blog එකෙන් OCJP කරන්න ඉන්න අයට ප්‍රශ්න එහෙම දෙනව කියල. ඉතිං ඒ පොරොන්දුවත් ඉටු කරන්න එපැයි නේද? ඔන්න මම ඒ පොරොන්දුව ඉටු කරන්නයි යන්නෙ. මේ ලිපිය ඉතිං වැදගත් වෙන්නෙ දැනට java ඉගෙනගෙන exam එකට සූදානම් වෙන අයට තමයි. මේ ගැන මම ලියන මුල්ම ලිපිය නිසා exam එක ගැනත් පොඩ්ඩක් කතා කරලම පටන්ගමු.
අපේ පළවෙනි java programme එක ලියමු.....part II
කට්ටිය දැන් program එක ගහල බලල ඇති නේද? මොකක් ?? මොන program එකක්ද? කවද කොහෙද කවුද ගැහුවෙ? පළවෙනි වාක්‍ය කියෙව්වම මෙහෙම හිතුණු අය මෙතනින් ගිහිල්ල මගේ කලින් ලිපිය බලල ඉන්නකෝ. ඒකෙ අපි අපේ පළවෙනි java program එක ලිව්වා මතක ඇති. දැන් ඔයාලට ඒ code එක තනියම ගහන්න පුළුවන් ඇති. ඒ විතරක් නෙමෙයි, මම දෙන ඕනෑම වාක්‍යයක් screen එකේ display කරගන්නත් පුළුවන්නෙ නේද? එහෙනම් මෙන්න මේක screen එකේ display කරන්න code එකක් ලියල compile එහෙම කරල run කරලත් බලලම එන්නකෝ මේ ලිපිය කියවන්න කලින්.
මේක තමා වාක්‍යය.....
Today, I am going to learn about the first java programme I developed.
මේක තමා වාක්‍යය.....
Today, I am going to learn about the first java programme I developed.
Friday, September 7, 2012
අපේ පළවෙනි java program එක ලියමු.....
අහා... ඔන්න අද අපි හා හා පුරා කියල අපේ පළවෙනි java program එක ලියන්නයි යන්නෙ. මේක බොහොම සරල program එකක්. ඒ වුණත් java පටන්ගන්න අයට ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනව. මම පොරොන්දු උනානෙ මුල ඉඳන්ම කරනව කියල. ඒ නිසා අපි සරලම තැනින් පටන් ගමු.තවම java install කරගෙන නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා ඒ ගැන මම ලියපු ලිපිය බලන්න බැරි වුණා නම් මෙතනින් ගිහිල්ල මුලින්ම ඒ ගැන ඉගෙන ගෙන ඉන්න.
පරිගණකයේ Java install කිරීම
දැන් ඉතින් කට්ටිය java ගැන දන්නවනේ. මම කියපු දේවල් වලට අමතරව තව විස්තර හොයල බලන්නත් ඇති. එහෙනම් අපි programming පටන් ගමු.... හෝව්..හෝව්... තාම කොහෙද programming කරන්නෙ, තාම java install කලෙත් නෑනෙ.... ඇත්ත තමයි..... එහෙනම් අපි java සහ programming කරන්න අපිට අවශ්‍ය තව දේවල් තියෙනවනම් ඒවත් අපේ පරිගණකයට දාගෙන ඉමු.
Java ගැන හැඳින්වීමක්...........
Java කියන්නෙ ලෝකෙ දැනට භාවිතා කරන ජනප්‍රියම ක්‍රමලේඛ භාෂාවක්. Java යනු ඉගෙනගන්නට පහසු මෙන්ම විවිධ ක්ෂේත්‍ර ගණනාවක භාවිත වන භාෂාවක්. ඉතින් මම මේ පාඩම් මාලාව මගින් මුල සිට ඉතා සරල ආකාරයෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ආකාරයෙන් java මගින් programming කරන හැටි කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මේ පාඩම් මාලාව මගින් Oracle ආයතනයෙන් පවත්වනු ලබන 1Z0-851 OCPJP (Oracle Certified Professional JavaSE Programmer) කියන විභාගයට මුහුණ දීමට හැකි ආකාරයෙන් පාඩම් ඉදිරිපත් කිරීමටත්, ප්‍රශ්න සාකච්චා කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
Subscribe to:
Posts (Atom)