Friday, September 7, 2012

පරිගණකයේ Java install කිරීම


දැන් ඉතින් කට්ටිය java ගැන දන්නවනේ. මම කියපු දේවල් වලට අමතරව තව විස්තර හොයල බලන්නත් ඇති. එහෙනම් අපි programming පටන් ගමු.... හෝව්..හෝව්... තාම කොහෙද programming කරන්නෙ, තාම java install කලෙත් නෑනෙ.... ඇත්ත තමයි..... එහෙනම් අපි java සහ programming කරන්න අපිට අවශ්‍ය තව දේවල් තියෙනවනම් ඒවත් අපේ පරිගණකයට දාගෙන ඉමු.




මම මගේ කලින් ලිපියේ කියල දුන්නනෙ java run කරන්න Java Runtime Environment එක අවශ්‍ය වෙනවා කියල. ඒ නිසා අපි මුලින්ම ඒක install කරගෙන ඉන්න ඕනෙ. හුඟක් පරිගණක වල සාමාන්‍යයෙන් JRE install කරලා තියෙන නිසා මේ පහල තියෙන ලින්කුවෙන් ඔබේ පරිගණකයේ java ස්ථාපිත කරලා තියෙනවද කියල දැනගන්න පුළුවන්.



http://www.java.com/en/download/installed.jsp



ඔබේ පරිගණකයේ java install කරල තියෙනවනම් මෙන්න මෙහෙම දිස්වෙයි....



ඔබේ පරිගණකයේ java install වී නැත්තම් මෙම ලින්ක් එකේම පහළින් Download Java Now කියල button එකක් ඇති. එමගින් java download කරලා install කරගන්න. මෙය install කරගැනීම ඉතා පහසු කාර්යයක්. ඒ නිසා මම ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ.

හැබැයි windows වල මේ වැඩේ ලේසි වුනාට Linux platform එකේදී නම් මේ වැඩේ ආධුනිකයෙක්ට ටිකක් අමාරුයි. Linux වලට java download කරද්දි තමන් install කරලා තියෙන Linux version එක ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා. එහෙනම් Linux තියෙන අය මෙතනින් ගිහිල්ල තමන්ගේ version එකට අදාළ jre එක download කරගන්නකො. Windows තියෙන අයටත් මේ link එක පාවිච්චි කරන්න පුළුවන්.

හොඳයි, දැන් මේ පහත තියෙන විදිහට කරන්න. Linux පාවිච්චි කරන අය විතරයි.

Terminal එක open කරලා මේ පහල තියෙන code එක type කරන්න. මතක තියාගන්න මේ දේවල් කරන්න root user විදිහට ලොග් වෙලා ඉන්න ඕනෙ. එහෙම නැත්තන් මේ පහල තියෙන code ඉස්සරහට sudo කියල type කරන්න. Password එකක් ඉල්ලුවොත් administrator account (root user) එකේ password එක දෙන්න.

chmod a+x jre-6u<version>-linux-i586.tar.gz

මේ කොටස ඉතා වැදගත්. ඔයාල download කරගත්ත file එකේ file name එක මෙන්න මේ වගේ එකක් වෙන්න ඕනෙ.

jre-6u35-linux-i586.tar.gz

මෙන්න මේකෙ කහ පාටින් පෙන්නල තියෙන අංක දෙක වෙනස් වෙන්න පුළුවන්. මොකද මම install කරලා තියෙන්නෙ java 6 වල 35 කියන version එක. ඔයාල සමහරවිට java 7 හෝ වෙනත් version එකක් ගන්න පුළුවන්. කොහොම වුණත් වෙන්න අවශ්‍ය වෙන්නෙ download කරපු file එකේ තියෙන අංක 2 code එකේ අදාළ තැන් වල type කරන එකයි.

ඊළඟට අපි java install කරන්න යන directory එකට යන්න ඕනෙ. ඒ සඳහා

cd <directory path name> කියන code එක type කරන්න ඕනෙ. උදාහරණයක්‌ විදිහට /usr/java/ directory එකේ install කිරීම සඳහා,
cd /usr/java/   ලෙස type කරන්න ඕනෙ.

ඊළඟට මෙන්න මේ code එක type කරන්න.

% tar zxvf jre-6u<version>-linux-i586.tar.gz


දැන් accept කරන්න කියල ආවොත් yes කරන්න. එතකොට java install වෙයි.

මමත් මේ දැන් ලොක්ක වගේ කියල දුන්නට මමත් මුලින්ම මේක install කරන්න මාර කට්ටක් කෑව. යන්තං JRE එක නම් install කරලා ඉවරයි. ඒ කියන්නෙ අපිට දැන් අපේ පරිගණකයේ java වලින් හදපු programs, software run කරන්න පුළුවන්. එත් ඉතින් අපිට අනිත් programs run කරල විතරක් මදිනෙ. අපිට අපේම කියල programs develop කරගන්නනෙ ඕන කරන්නෙ. ඒකට අපට Java Development Kit (JDK) install කරගන්න වෙනව. එහෙනම් ඒකත් කරගෙන ඉමුකො.....

මුලින්ම මේ ලින්කුවෙන් ගිහින් තමන්ගෙ OS එකට අදාළ version එක download කරගන්න. (Java 6 සඳහා)

http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk6u35-downloads-1836443.html

ඔබ install කලේ Java 7 නම්, මෙම ලින්කුව භාවිතා කරන්න.

http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk7u7-downloads-1836413.html


Download කරගත්තට පස්සෙ windows තියන අයටනම් පහසුවෙන් මේක install කරගන්න පුළුවන්. Linux තියෙන අයට කරන්න තියෙන්නෙ මේ file එක install කරන්න අවශ්‍ය තැනට save කරල terminal එක open කරගෙන අදාළ directory එකට යන එකයි. ගිහිල්ල මෙන්න මේ code එක type කරන්න. එතකොට වැඩේ සිද්ද වෙයි.

% tar zxvf jdk-6u35-linux-i586.tar.gz

මෙතනදීත් තමන් download කරපු file එකේ විදිහටම code එකේ තියෙනවද කියල සැලකිලිමත් වෙන්න ඕනෙ.

ඊළඟට තව පොඩි වැඩක් කරගන්න තියෙනව. මේ වැඩේ කරන්න ඕනෙ Windows OS එක පාවිච්චි කරන අය විතරයි. මේ වැඩේ තමයි environment variable එක සෙට් කරගන්න එක. මුලින්ම My Computer icon එක මත right click කරල properties තෝරන්න. Windows XP තියෙන අය කෙලින්ම Advanced tab එකට යන්න. Windows 7 තියෙන අය වම් පැත්තෙ තියෙන sidebar එකේ යටින්ම තියෙන Advanced system settings කියන එක click කරන්න. (පහත රූපය බලන්න)




ඊළඟට මේ රූපයේ ලකුණු කරලා තියෙන Environment Variables… button එක click කරන්න.






ඊළඟට රූපයේ පරිදි Variable name එක ලෙස path යන්නත් Variable value එක ලෙස ඔබගේ jdk එක install කරන ලද path එකත් ලබා දෙන්න. ඔබ default location වල java install කළා නම් එම path එක,

C:\Program Files\Java\jdk1.6.0_35\bin විය යුතුයි. Version එක පිළිබඳව සැලකිලිමත් වන්න.

දැන් නම් සේරම හරි. දැන් ඉතින් තියෙන්නෙ අපේම කියල program එකක් ලියාගන්න එක. අපි ඊළඟ ලිපියෙන් අපේ පළවෙනි java program එක ලියමු.





 




23 comments:

  1. මචන් මේකේ Windows xp 32bit එකට Download කරන්න JDK එක නෑනේ...(JAVA 7) පුලුවන් නම් Direct Link එකක් දෙන්න සහෝ..!

    ReplyDelete
  2. සහෝ windows (x86) කියල තියෙන එක Download කරන්න.
    http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk7u7-downloads-1836413.html

    ReplyDelete
  3. මම අනුමත කරන්නෙ නම් Oracle එකෙන්ම Download කරන එක. නමුත් ඔයාට 3rd party Download link එකක් අවශ්‍ය නම් මෙන්න,
    http://java-development-kit-jdk.en.softonic.com/download

    ReplyDelete
  4. හරි සහෝ.. ස්තුතියි..!

    ReplyDelete
  5. install කරද්දි ගැටළුවක් වුණේ නෑනෙ?

    ReplyDelete
  6. mama me widiyata kara eth CMD eke code gahaddi system cannot fine the path kiyala watenawane

    ReplyDelete
    Replies
    1. ඔයා හරියට environment variables set කරල නෑ. නැවත කරල බලන්න. ඒත් හරියන්නේ නැත්තම් IDE එකෙන් programme කරන්න. මම ලිපියක් ලියල ඇති

      Delete
  7. ඔයා හරියට environment variables set කරල නෑ. නැවත කරල බලන්න. ඒත් හරියන්නේ නැත්තම් IDE එකෙන් programme කරන්න. මම ලිපියක් ලියල ඇති

    ReplyDelete
  8. JDK eka me link eken download karanna bahane. help me

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකේ නම් අවුලක් නෑ. මම check කළා. මොකක්ද ඔයාට ඇතිවුන ගැටලුව?

      Delete
  9. JDK download කරන්න බැහැනෙ help me

    ReplyDelete
    Replies
    1. ඇති වුන ප්‍රශ්නය පැහැදිලි කරන්න

      Delete
  10. machan win vista os eke path 1k hadanne kohomada?

    ReplyDelete
  11. ඉතාමත් හොඳ ලිපියක්.

    ReplyDelete
  12. A very good letter 4 beginers

    ReplyDelete
  13. මේ ටියුටෝරියල් එක මට ගොඩාක් වැදගත් වුනා. ස්තුතියි.

    ReplyDelete
  14. HTML 5 walin java code karanna barida? sir

    ReplyDelete
    Replies
    1. Mage windos eke java support karanne naththe ai? windows 8

      Delete