Friday, September 7, 2012

අපේ පළවෙනි java program එක ලියමු.....

අහා... ඔන්න අද අපි හා හා පුරා කියල අපේ පළවෙනි java program එක ලියන්නයි යන්නෙ. මේක බොහොම සරල program එකක්. ඒ වුණත් java පටන්ගන්න අයට ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනව. මම පොරොන්දු උනානෙ මුල ඉඳන්ම කරනව කියල. ඒ නිසා අපි සරලම තැනින් පටන් ගමු.තවම java install කරගෙන නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා ඒ ගැන මම ලියපු ලිපිය බලන්න බැරි වුණා නම් මෙතනින් ගිහිල්ල මුලින්ම ඒ ගැන ඉගෙන ගෙන ඉන්න.




එහෙනං කට්ටිය notepad එක open කරගන්නකො. ඕනම text editor එකක් කමක් නෑ. එත් ඉතින් සරල notepad වගේ එකක් ගත්තම ලේසියි. Linux පාවිච්චි කරන අය gedit,kwriter වගේ ඕන එකක් ගන්න. අරගෙන මුලින්ම අපි මේක save කරගෙන ඉමු. මතක තියාගන්න අපි මේක save කරන්න ඕනෙ java file එකක් විදිහට. (පහත රූපය බලන්න...)







මේකෙ රතු පාටින් කොටු කරල තියෙන තැන් වල වගේ Save as type කියන තැන All Files යන්න තෝරල File name එක විදිහට Test.java කියල දෙන්න. (නම Test කියලම දෙන්න. ඇයි කියල පස්සෙ කියන්නම්) Linux භාවිත කරන අයට මේ කිසි දෙයක් ඕනෙ නෑ. නිකන්ම Test.java කියල නම දීල save කරන්න.

හරි. දැන් notepad එකට ගිහිල්ල පහල තියෙන code එක ඒ විදිහටම type කරන්න. මම මේක image එකක් විදිහට දැම්මෙ නැත්තං ඔයාල මේක copy-paste කරන නිසා. Copy-paste කරාට කමක් නෑ. එත් අපි programming ඉගෙනගන්නනේ හදන්නෙ. Programming ඉගෙනගන්න බෑ copy-paste කරල. Code කරල කරල පුරුදු වෙලා තමයි programming ඉගෙනගන්න ඕනෙ. ඒ නිසා මීට පස්සෙ මම code එක නිකන් text එකක් විදිහට දැම්මත්, ඔයාල ඒක type කරලම පුරුදු වෙන්න. දැන් කරගෙන අපු වැඩෙත් අමතක වෙනව. අපි වැඩේට බහිමු එහෙනං.........

මෙන්න code එක...






දැන් මේක save කරගන්න. මතක තියාගන්න මේ code එක මේ විදිහටම type වෙන්න ඕනෙ. Capital, simple අකුරුත් ඒ විදිහටම තියෙන්න ඕනෙ. එතකොට මේ නිල් පාට ඊතල මොනවද? නෑ නෑ ඒව type කරන්න ඕන නෑ. ඒ මම පෙන්නල තියෙන්නෙ තියල තියෙන space එක. ඒක නම් වෙනස් වුණාට කමක් නෑ. Space නැති වුණත් කමක් නෑ. ඒ වුණාට අපි වැඩක් කරද්දි ඒකෙ පිළිවෙලක් තියෙන්න එපැයි... නේද? ඒ නිසා මේ විදිහටම type කරානම් හොඳයි. ඔන්න මේක තමයි අපේ source code එක.

හරි.... දැන් ඉතින් හා හා පුරා කියල ගහගත්ත program එකනෙ. අපි එහෙනං මේක run කරල බලමු මොකද වෙන්නෙ කියල. එහෙනං කට්ටිය command prompt එක open කරගන්නකො. Linux අය terminal එක. මුලින්ම අපි අපේ java file එක save කරපු තැනට command prompt එකෙන් යන්න ඕනෙ. (කවුරු හරි command prompt එක භාවිතා කරන හැටි දන්නෙ නැත්තම් comment එකක් විදිහට දාන්න.) එතනට ගිහිල්ල dir කියල type කරල බලන්න ඔයා save කරපු file එක තියෙනවද කියල. (Linux භාවිතා කරන අය ls කියල type කරන්න)






මේ තියෙන්නෙ.... එහෙනං වැඩේ හරි... මේ රූපෙ කහ පාටින් කොටු කරල තියෙන්නෙ මම java file එක save කරපු තැනට යන්න path එක දීපු හැටි. dir ගැහුවම එන list එකේ මගේ Test.java file එක තියෙනව. ඔය රතු පාටින් කොටු කරල තියෙන්නෙ.

දැන් ඉතිං මේක run කරගන්නෙ කොහොමද? මුලින්ම මේක පරිගණකයට තේරෙන භාෂාවට හරවගන්න ඕනෙ. ඔයාලට code එක බැලුවම තේරෙන්න ඇති අපිට තේරෙන ඉංග්‍රීසි වචන තමයි එකේ තිබ්බේ. තියෙන පිළිවෙල අනුව තේරුමක් හිතාගන්න බැරි වුණාට වචන වෙන වෙනම ගත්තම අපිට තේරෙනව. එත් ඉතිං කොම්පියුටරේට ඕව තේරෙන්නෙ නෑනෙ. එයාට තේරෙන්නෙ 1 යි 0 යි විතරයි. මම කලින් ලිපියෙදි කියල දුන්න java programming language එකේ source code එක machine code එකට හරවන්න compiling සහ interpretation කියන කාර්යයන් දෙකම කරන්න වෙනව කියල. අපිට තියෙන්නෙ මේක compile කරන්න විතරයි. Interpret කරගන්න එක එයා run වෙන ගමන් කරගන්නව. කොහොමද එතකොට අපි මේක compile කරන්නෙ? ලේසි වැඩක් තියෙන්නෙ. Command prompt එකේ අපි ඉන්න තැන ඉඳන් මෙන්න මේක type කරන්න තියෙන්නෙ.

javac Test.java

මේක type කරල enter කරාම කලින් තිබ්බ තැනටම command prompt එක එනවනම් වැඩේ හරි. ඔයාල මොකක් හරි වරද්දල නම් errors එයි. මතක තියාගන්න මේ දේවල් කරන්න මම කලින් ලිපියෙ කියල දුන්න environment variables හදල තියෙන්න ඕනෙ.

මෙන්න මේ රූපෙ බලන්නකො හරියට කරාම කොහොමද තියෙන්නෙ කියල.....




ඔය තියෙන්නෙ. මම javac Test.java type කරපු තැනයි ඊට පස්සෙ line එකයි highlight කරල තියෙනව.

මම ඔයාලට පෙන්නන්නත් එක්ක program එක වරද්දල screenshot එකකුත් දාන්නම්.





පේනවද වෙනස? මගේ program එකේ 1 වැරැද්දක් තියෙනව. මේ වගේ errors වලට අපි කියනව compile errors කියල. Compile කරද්දිනෙ වැරැද්ද අහු වුණේ. මෙහෙම වුණාම program එක compile වෙන්නෙ නෑ. එතකොට අපිට run කරන්නත් බැරි වෙනව. මෙහෙම වැරැද්දක් ඔයාලටත් ආවොත් ආපහු සැරයක් source code එක check කරන්න. වැරදි හදල ආපහු compile කරන්න. මම කිව්ව java වලදි compiler එකෙන් source code එක .class extension එක තියෙන byte code එකකට හරවනව කියල. ඔයාල java file එක save කරපු තැනට ගිහින් බැලුවොත් ඒක බලාගන්න පුළුවන් වෙයි.


  


ඇත්ත නේන්නම් මේ තියෙන්නෙ. අපි එහෙනං දැන් අපේ program එක run කරමු. Command prompt එකේ මෙහෙම type කරන්න.

java Test

එතකොට මෙන්න මෙහෙම පෙනෙයි.....





මම නිල්පාටින් ලකුණු කරල තියෙනව වගේ ඔයාලගේ command prompt එකෙත් Hello world! කියල display වෙලා තියෙයි.

ඔන්න ඕක තමයි අපේ පළවෙනි java program එක. මේක ඇත්තටම බොහොම සරල program එකක්. මේකෙන් වුණේ Hello World! කියල අපේ screen එකේ display කරගන්න එක විතරයි. ඇයි Hello World! කියලම display වුණේ? ඔයාලගෙ source code එක හොඳට check කරල බලන්න මෙහෙම line එකක් තියෙනවද කියල....

System.out.println(“Hello World!”);

මේ තියෙන්නෙ Hello World! ඔයාලට කැමති දෙයක් Hello World වෙනුවට type කරල බලන්න පුළුවන්. මතක තියාගන්න source code එක update කරන හැම වෙලාවෙදිම ඒක save කරන්නත් නැවත compile කරන්නත් අමතක කරන්න එපා.

සමහර අය දැන් හිතනවා ඇති මේක කිසි වැඩකට නැති දෙයක් කියල. ඇයි අපිම program එකේ වචනයක් type කරල එකම ආපහු display කරනව. එහෙම තමයි. මේක අපේ මුල්ම ප්‍රෝග්‍රෑම් එකනෙ. Java වලින් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒත් ඉතිං හදිස්සි වෙලා බෑ. මුල ඉදන් යන්නෙ නැතුව ඉගෙන ගන්න බෑනෙ. වැදගත්ම දේ තමයි මේ කරපු දෙයින් ගන්න පුළුවන් දේ ගන්න එක. මම හිතං හිටියෙ එක ලිපියෙන්ම මේක පැහැදිලිත් කරන්න. ඒත් ඉතිං වෙලාව තමා ප්‍රශ්නේ. මම ආපහු ඉක්මනින්ම එන්නම්කෝ ප්‍රෝග්‍රෑම් එක ගැන කියල දෙන්න.

17 comments:

  1. කමාන්ඩ් ප්‍රෙම්ප්සට් එකට ගිහින් ඩී.අයි.ආර් ගහල එන්ටර් කලාට මගෙ එක පෙන්නනේ නෑනේ.මම නෝට් පෑඩ් එක සේව් කලේ ඩෙස්ක්ටොප් එකේ ජාවා කියල වෙනමම ෆෝල්ඩර් එකක් ඇතුලේ......

    ReplyDelete
    Replies
    1. ඔයා මුලින්ම command prompt එකෙන් ඒ folder එක ඇතුලට ගිහින් ඉන්න ඕනෙ. එකට cd කියන command එක පාවිච්චි කරල පත් එක දෙන්න ඕනෙ. ඔයාගෙ install කරල තියෙන්නෙ වින්ඩෝස් 7 OS එක නම් පහල තියෙන විදිහට කරල බලන්න.
      ඔයා command prompt එක open කරාම console එක මෙහෙම තියෙනවද කියල බලන්න.

      C:\Users\Personal_folder\>

      මෙතන Personal_folder තියෙන තැන ඔයාගෙ personal folder එකේ නම තියෙයි. මෙහෙම තිබුනොත් මේ විදිහට type කරන්න.
      cd Desktop\java

      දැන් dir කියල ගහල බලන්න. මේක win xp වලටත් හරි යයි. මේ විදිහටත් හරි ගියේ නැත්තම් ඔයාගෙ java කියන folder එක D හරි C හරි partition එකට move කරන්නකො. ඊට පස්සෙ command prompt එකේ මෙහෙම type කරන්න.

      ඔයා save කරේ D partition එකේ නම් d: කියල ගහල enter කරන්න. C එකේ නම් cd\ කියල ගහල enter කරන්න. දැන් cd java කියල ගහල enter කරන්න. දැන් dir ගහල enter කරල බලන්න හරියන්න ඕනෙ.

      Delete
    2. ඔයාට command prompt එක ගැන තවමත් ගැටළු සහගත නම් මගේ අලුත්ම ලිපිය කියවන්න. IDE එකකින් program කරද්දි ඔය වගේ ගැටළු මතු වෙන්නෙ නෑ. වැඩ පහසුයි. මෙන්න ලින්කුව.
      http://java-sinhala.blogspot.com/2012/09/ide-programming.html

      Delete
  2. 'javac' is not recognized as an internal or external command,
    operable program or batch file. mehema wateava ?

    ReplyDelete
    Replies
    1. path eka denna..
      >>path = C:\Program Files\Java\jdk1.7.0\bin

      Delete
  3. matath arunata wage una.ehema wenne eyi...

    ReplyDelete
    Replies
    1. computer>propertice>Advanced>environment variable>path>edit>Variable Value>එහි Variable valueකියන එෙක් අගට යන්න . එතන අගින් ( ; ) එක type කරන්න. අනිත් කිසි
      ෙදයකට මුකුත් ෙනොෙවන්න පරිසසම්් ෙවන්න.වැරැද්දක් උෙනොත් Cancel click කරන්න...

      Then......
      "My computer>local:c >program file> java>jdk.......>bin" Window එෙක් Address bar එෙක් ඇති Path එක Copy කරන්න.....
      Copy කරගත්ත path එකVariable Value එක අග (;) එක දැම්ම තැනට paste කරන්න
      එතන අගින් ( ; ) එක type කරන්න. අනිත් කිසි ෙදයකට මුකුත් ෙනොවන ෙලස වග බලා ගන්න.
      ඉන්පසු OK buttonඑක Click කරන්න.
      ඊට පස්ෙස System Variables යටෙත් ඇති New button එක Click කරන්න.............
      Variable name කියන එකට “CLASSPATH” කියලා කැපිටල් වලින් type කරන්න

      ඊට පසෙස් පහත දැක්ෙවන location එකට ගිහින් ඒෙක Path එක copy කරගන්න"computer>program file>java>jdk.......>lib>
      Variable value කියන එකට copy කරගත් path එක paste කරගන්න .ඉන්පසු අගට (;) සහ
      (.)type කරන්න. දැන් Ok buttonඑක Click කර main window එෙක් ok button එක click
      කරන
      path එකත් set කරලා ඉවරය
      දැන් command prompt එෙක් javac type කර enter කර බලන්න.

      Delete
  4. matath javac not recognize awa arama karath bari unane hada ganna

    ReplyDelete
  5. ජාවා වල සිංහල බැඳී අකුරු ටය්ප් කරන විශේෂ විදිහක් තියනවද ?

    http://wikisend.com/download/488004/O13734602521426968_1.jpg <- notepad

    http://wikisend.com/download/411324/I13734604591427932_1.jpg <- java Swing Filed

    ReplyDelete
  6. Matath javac recognize wenne naha. Ekata mokakda karanna one? Keshan kiyapu widihata try kalath hari gye naha..

    ReplyDelete
  7. command prompt eke java run karana hati kiyanna ko plzzzzzzzzzzzzzzzzzz

    ReplyDelete
  8. Hey, please write in English. I want to know this information on Java Programming. I am not able to understand this language...

    ReplyDelete
  9. Casino - Mapyro
    Casino 울산광역 출장안마 Information, hours, location, 광주광역 출장마사지 contact, gaming license holder and more. Find 의정부 출장마사지 Casino Mapyro - 인천광역 출장마사지 Mapyro, America's best 용인 출장샵 gaming venue in the United States.

    ReplyDelete