කට්ටිය දැන් program එක ගහල බලල ඇති නේද? මොකක් ?? මොන program එකක්ද? කවද කොහෙද කවුද ගැහුවෙ? පළවෙනි වාක්‍ය කියෙව්වම මෙහෙම හිතුණු අය මෙතනින් ගිහිල්ල මගේ කලින් ලිපිය බලල ඉන්නකෝ. ඒකෙ අපි අපේ පළවෙනි java program එක ලිව්වා මතක ඇති. දැන් ඔයාලට ඒ code එක තනියම ගහන්න පුළුවන් ඇති. ඒ විතරක් නෙමෙයි, මම දෙන ඕනෑම වාක්‍යයක් screen එකේ display කරගන්නත් පුළුවන්නෙ නේද? එහෙනම් මෙන්න මේක screen එකේ display කරන්න code එකක් ලියල compile එහෙම කරල run කරලත් බලලම එන්නකෝ මේ ලිපිය කියවන්න කලින්.
මේක තමා වාක්‍යය.....
Today, I am going to learn about the first java programme I developed.
Saturday, September 8, 2012
Friday, September 7, 2012
අපේ පළවෙනි java program එක ලියමු.....
අහා... ඔන්න අද අපි හා හා පුරා කියල අපේ පළවෙනි java program එක ලියන්නයි යන්නෙ. මේක බොහොම සරල program එකක්. ඒ වුණත් java පටන්ගන්න අයට ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනව. මම පොරොන්දු උනානෙ මුල ඉඳන්ම කරනව කියල. ඒ නිසා අපි සරලම තැනින් පටන් ගමු.තවම java install කරගෙන නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා ඒ ගැන මම ලියපු ලිපිය බලන්න බැරි වුණා නම් මෙතනින් ගිහිල්ල මුලින්ම ඒ ගැන ඉගෙන ගෙන ඉන්න.
පරිගණකයේ Java install කිරීම
දැන් ඉතින් කට්ටිය java ගැන දන්නවනේ. මම කියපු දේවල් වලට අමතරව තව විස්තර හොයල බලන්නත් ඇති. එහෙනම් අපි programming පටන් ගමු.... හෝව්..හෝව්... තාම කොහෙද programming කරන්නෙ, තාම java install කලෙත් නෑනෙ.... ඇත්ත තමයි..... එහෙනම් අපි java සහ programming කරන්න අපිට අවශ්‍ය තව දේවල් තියෙනවනම් ඒවත් අපේ පරිගණකයට දාගෙන ඉමු.
Java ගැන හැඳින්වීමක්...........
Java කියන්නෙ ලෝකෙ දැනට
භාවිතා කරන ජනප්‍රියම ක්‍රමලේඛ භාෂාවක්. Java යනු ඉගෙනගන්නට පහසු
මෙන්ම විවිධ ක්ෂේත්‍ර ගණනාවක භාවිත වන භාෂාවක්. ඉතින් මම මේ පාඩම් මාලාව මගින් මුල
සිට ඉතා සරල ආකාරයෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ආකාරයෙන් java මගින් programming කරන හැටි කියල දෙන්න
බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මේ පාඩම් මාලාව මගින් Oracle ආයතනයෙන් පවත්වනු ලබන 1Z0-851 OCPJP (Oracle Certified Professional JavaSE
Programmer) කියන විභාගයට මුහුණ දීමට
හැකි ආකාරයෙන් පාඩම් ඉදිරිපත් කිරීමටත්, ප්‍රශ්න සාකච්චා කිරීමටත් බලාපොරොත්තු
වෙනවා.
Subscribe to:
Posts (Atom)
